ප්රචණ්ඩකාරී සිද්ධියක් දුටු සැණින් වෙඩි තැබීමට ඉන්දියාවේ මනිපූර් ප්රාන්ත රජය ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබෙනවා.
මනිපූර් ප්රාන්තයේ ජන කණ්ඩායම් දෙකක් අතර මේ දිනවල උග්ර ගැටුම් පවතිනවා.
මෙම ගැටුම් හේතුවෙන් නවදහසක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කර තිබෙනවා.
තත්ත්වය පාලනය කිරීම සඳහා ප්රචණ්ඩ ක්රියාවක් දුටු සැණින් වෙඩි තබන ලෙසටයි ප්රාන්ත ආණ්ඩුකාරවරයා දැනුම් දි තිබෙන්නේ.
මනිපූර් ප්රාන්තය පුරා ඇදිරිනීතිය ක්රියාත්මක වනවා.
ජංගම දුරකතන හා අන්තර්ජාල සබඳතා දින පහකට අවහිර කර තිබෙනවා.
හදිසි අවස්ථාවක යෙදවීම සඳහා 500 ක විශේෂ බළකා සෙබලු පිරිසක් සූදානම් කර තිබෙනවා.
The post ප්රචණ්ඩකාරී සිද්ධියක් දුටු සැණින් වෙඩි තැබීමට මනිපූර් ප්රාන්ත රජය ආරක්ෂක අංශවලට උපදෙස් දෙයි appeared first on ITN News.
Post a Comment