රුසියාවේ ක්‍රෙම්ලීනය ඉලක්ක කරගනිමින් එල්ල වු ඩ්‍රෝන ප්‍රහාරයට තම කිසිඳු සම්බන්ධයක් නොමැති බව යුක්රේන ජනාධිපතිවරයා නිවේදනය කරනවා.
පෙරේදා රාත්‍රීයේ දී ක්‍රෙම්ලීනය ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ල වුව ද මෙම ප්රහාරයන් සාර්ථකව ව්‍යාප්ත කිරීමට රුසියා ආරක්ෂක අංශ සමත් වුණා.
රුසියා ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් ඝාතනය කිරිමේ අරමුණින් යුක්රේනය මෙම ප්‍රහාර එල්ල කළ බවටයි රුසියාව චෝදනා කරන්නේ.
ඩ්‍රෝන යානා ක්‍රෙම්ලීනයට ඉහළින් පියාසර කරමින් තිබිය දී එක්වරම පිපිරී යන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා.
කෙසේ වුව ද ප්‍රහාර එල්ල වන අව්සථාවේ රුසියා ජනාධිපතිවරයා එම ස්ථානයේ රැඳී නොසිටි බවයි වාර්තා වන්නේ.
මේ අතර ඩ්‍රෝන යානා සිද්ධියෙන් පසු රුසියා ආරක්ෂක අංශ යුක්රේනයේ කියෙව් නගරය ඉලක්ක කරගනිමින් සිදු කරන ප්රහාරයන් ඉහළ දමා ඇති බව ද සඳහන්.
The post ක්‍රෙම්ලීනයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයට අපේ සම්බන්ධයක් නැහැ – යුක්රේන ජනපති appeared first on ITN News.
Post a Comment