නේපාලයේ ආර්ථිකය දශක 6 කට පසු දරුණුතම කඩා වැටීමකට මුහුණදී සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
නේපාල සංඛ්‍යා ලේඛන අනුව මේ වසරේ දෙවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 0.73%කින් පමණ පහළ වැටී ඇති බවයි වාර්තා වන්නේ.
උද්දමනය හා දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් එරට ආර්ථිකය මෙලෙස පසුබෑමට ලක්ව තිබෙනවා.
දශක 6 කට පසු නේපාලය මුහුණ දුන් දරුණුතම තත්ත්වය මෙය බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
දේශපාලන අවිනිශ්චිතභාවය ,දූෂණය , වෙළෙඳපොළ සහ දේශගුණික අවදානම තවදුරටත් උග්‍ර වුවහොත් එරට මධ්‍යම ආදායම් ලාභීන් දරුණු තත්ත්වයකට ඇද වැටෙනු ඇති බවටයි අනාවැකි පළ වන්නේ.
The post නේපාලයේ ආර්ථිකය දරුණු කඩා වැටීමක appeared first on ITN News.
Post a Comment