බ්රසිලයේ හිටපු ජනාධිපති ජේඅර් බොල්සොනාරෝගේ නිවස විශේෂ සොදිසි මෙහෙයුමකට ලක්කර තිබෙනවා.
බ්රසිලයේ බ්රිසිලියානා නගරයේ පිහිටා ඇති හිටපු ජනාධිපතිවරයාගේ නිවසේ එරට පොලිසිය විශේෂ සොදිසි මෙහෙයුමක් සිදුකර ඇති අතර කොරෝනා වෛරසයට එරෙහි එන්නත් සම්බන්ධයෙන් එහි තොරතුරු තිබේද යන්න පිළිබඳ පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
වෙනස් කිරීම්වලට ලක් කරන ලද තොරතුරු ඇතුලත් ලිපිගොනු මෙහිදී හමුව ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොරෝනා වෛරසයට එරෙහි එන්නත් ලබා නොගත් පුද්ගලයින්ගේ නම් එන්නත ලබාගත් පුද්ගලයින් ලෙස මෙම ලිපිගොනු වලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.
The post බ්රසිලයේ හිටපු ජනපතිගේ නිවසේ විශේෂ සොදිසි මෙහෙයුමක් appeared first on ITN News.
Post a Comment