තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය මංගල්‍යයේදී ඔටුනු පැළදීම මීට සුළු වේලාවකට පෙර වෙස්ට්මිනිස්ටර්හිදී සිදු කෙරුණා.
වෙස්ට්මිනිස්ටර් දේවස්ථානය වෙත චාල්ස් රජු කැදවාගෙන ඒම් සිදු වූයේ අශ්වාරෝහකයන් පිරිවරාගත් අලංකාර පෙරහැරකින්. චාල්ස් රජු මෙසේ පැමිණීම සදහා භාවිත කළේ දියමන්ති ජුබිලි අශ්වාරෝහක රථයයි. චාල්ස් රජු පැමිණෙන තෙක් රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙන්ම රජපවුලේ සාමාජිකයන් වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ අසුන්ගෙන සිටියා.
රාජකීය ඔටුන්න සහ රැජිනගේ ඔටුන්නත් සමගින් බ්‍රිතාන්‍ය අගරදගුරුවරයා මෙන්ම දේවගැති පිරිස දේවස්ථානට ඇතුළු වූයේ ඉන් අනතුරුවයි. චාල්ස් රජු දෙවස්ථානයට ඇතුළු වන අවස්ථාවේ ඔහුගේ පසුපසින් විලියම් කුමරු පැමිණියා.දේවස්ථානයේ පැවැත්වෙන දේව මෙහෙයෙන් අනතුරුව රාජාභිෂේක කටයුතු සිදුවුණා.
The post III වන චාල්ස් රජු ඔටුනු පළඳී appeared first on ITN News.
Post a Comment