කොවිඩ් 19 තවදුරටත් ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරනවා.
කොරෝනා ව්‍යසනය ආරම්භ වී වසර තුනකට පසුවයි මෙම නිවේදනය නිකුත් කර තිබෙන්නේ. 2021 වසරේ ජනවාරි මාසය වන විට සතියක් තුළ ගෝලීය වශයෙන් පුද්ගලයන් ලක්ෂයකට අධික පිරිසක් කොරෝනා හේතුවෙන් මිය ගියා. පසුගිය මාසය වන විට එය 3500 කට වඩා අඩු මට්ටමට පත්ව ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. කෙසේ වුවද කොරෝනා හේතුවෙන් මිලියන 7 ක පිරිසක් මේ වන විට මිය ගොස් තිබෙනවා.
ලෝක සෞඛ්‍යසංවිධානයේ කෝවිඩ් පිළිබද කමිටුව ඊයේ රැස්වී ගෝලීය වසංගත තත්ත්වයෙන් එය නිදහස් කර තිබෙනවා.
The post කොවිඩ් තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවෙයි – ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි appeared first on ITN News.
Post a Comment