හොංකොං හි ටියනාන්මෙන් චතුරස්රයේ විරෝධතාවලට එක් වූ 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
1989 ටියනාන්මෙන් චතුරස්රයේ සිදු වු ලේ වැගිරීම සිහිපත් කරමිනුයි ප්රජාතන්ත්රවාදී විරෝධතාකරුවන් එය සැමරීමේ උත්සවයක් සංවිධාන කර තිබුණේ.
මෙය නීති විරෝධි බව පවසමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරුණා.
එහිදී 67 හැවිරිදි වොන්ග් අත්තම්මා ලෙස ප්රකට ඇලේක්සැන්ඩර් වොන්ග් ද අත්අඩංගුවට පත්ව තිබෙනවා.
1990 වසරේ සිටයි ටියනාන්මෙන් චතුරස්රයේ සැමරුම් සිදු කෙරෙන්නේ.
The post හොංකොං හි ටියනාන්මෙන් චතුරස්රයේ විරෝධතාවලට එක් වූ 23 ක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment