චීන ඇමෙරිකා සීතල යුද්ධය මුළු මහත් ලෝකයටම බලපෑම් එල්ල කරනු ඇති බව චීන ආරක්ෂක අමාත්‍ය ලී ෂැන්ග්ෆු පවසනවා.
ලෝක ආරක්ෂක ප්‍රධානීන් සිංගප්පුරුවේ දී එක්ව පැවැත්වූ ෂැංග්‍රිලා ආරක්ෂක සමුළුවට එක්වෙමිනුයි චීන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ.
යුදමය අතින් දෙරට අතර පවතින ගැටුම එම රටවල් දෙකට පමණක් නොව සමස්ත ලෝකයටම දරා ගත නොහැකි ව්‍යසනයක් වනුඇති බවයි චීන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටින්නේ.
මීට ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකා ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් තර්ක කලේ දෙපාර්ශවය අතර අර්බුද පිළිබද බොහෝ සාකච්ඡා පැවැත්වු අතර ඊට ඇමෙරිකාව ද විශාල දායකත්වයක් ලබාදී ඇති බව පෙන්වා දෙමින්.
තායිවානය සම්බන්ධයෙන් දෙරට අතර පවතින සීතල යුද්ධය පිළිබදව ද ඔහු අදහස් පළ කර තිබුණා.
The post චීන ඇමෙරිකා සීතල යුද්ධය වෙන්න යන දේ චීන ආරක්ෂක ඇමති කියයි appeared first on ITN News.
Post a Comment