Jun
27
වසර 60කට පසු පළමුවරට බීජිං නගරයේ වැඩිම උෂ්ණත්වය වාර්තා වූ ජුනි මාසය මෙම මාසය බව එරට කාලගුණ අංශ නිවේදනය කරනවා.
මෙම මාසයේදී චීනයේ බීජිං නගරයෙන් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය ලෙස සටහන් වන්නේ සෙල්සියස් අංශක 41.1ක්.
වැඩිම උෂ්ණත්වයක් වාර්තා වූ වසර ලෙස සැලකෙන්නේ 1961 වසරයි.
මෙම වසර තුළදී චීනයේ නගර රැසකින් වැඩිම උෂ්ණත්වයක් වාර්තා වූ මාස පිළිබද වාර්තාවන් බිදවැටී තිබෙනවා.
මේ අතර පසුගිය මාසයේ දී වසර සියයකට පසු පළමුවරට ෂැන්ග්හයි නගරයෙන් උෂ්ණත්වය වැඩිම මැයි මාසය වාර්තා වුණා.
කෙසේ වුවද උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් වයස්ගත හා ළමුන් පිළිබද දැඩි අවධානයෙන් පසුවන ලෙසයි කාලගුණ අංශ නිවේදනය කර ඇත්තේ.
The post වසර 60කට පසු බීජිං නගරය හොඳටම රත්වෙයි appeared first on ITN News.
Post a Comment