Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව ප්‍රථම පරමාණු බෝම්බ ප්‍රහාරයට අදට වසර 78ක් සපිරෙයි  

Add comments

ලොව ප්‍රථම පරමාණු බෝම්බ ප්‍රහාරයට අදට වසර 78ක් සපිරෙනවා.

1945 වසරේ අගෝස්තු 6 වන දින උදෑසන 8.15ට ජපානයේ හිරෝෂිමා නගරය ඉලක්ක කර ගනිමින් ඇමෙරිකා ගුවන් හමුදාව ලොව ප්‍රථම පරමානු බෝම්බ ප්‍රහාරය එල්ල කළා.

ලෝක ඉතිහාසයේ එදාමෙදා තුර සිදුවූ ඛේදජනකම ප්‍රහාරය මෙය ලෙසයි හැදින්වෙන්නේ.

ප්‍රහාරය සිදුවු මොහොතේ මියගිය සංඛ්‍යාව 129,000ක් පමණ වන බවට ගනන් බලා තිබෙනවා.

ඔවුන් අතරින් බහුතරය සාමාන්‍ය වැසියන් වනවා.

දෙවන ලෝක යුද සමයේ දී බටහිර රටවලට දැඩි බලපෑමක් එල්ල කිරීමට ජපානය සමත් වූ අතර ඔවුන් පාලනය කිරීමේ අරමුණෙන් ඇමෙරිකාව මෙම ප්‍රහාරය එල්ල කළා.

ජපානයේ නගර 64ක් ඉලක්ක කර ගනිමින් දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කළ අතර අගෝස්තු 6 වන දින හිරෝෂිමා නගරයට ද අගෝස්තු 9 වන දින නාගසාකි නගරයට ද මෙලෙස පරමානු බෝම්බ ප්‍රහාර එල්ල කෙරුණා.

 

 

 

 

The post ලොව ප්‍රථම පරමාණු බෝම්බ ප්‍රහාරයට අදට වසර 78ක් සපිරෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG