Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඩොක්සුරි සුළි කුණාටුවෙන් නැගෙනහිර ආසියාවට දැඩි බලපෑම්  

Add comments

ඩොක්සුරි සුළි කුණාටුවෙන් නැගෙනහිර ආසියාවට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

ඩොක්සුරි සුළි කුණාටුවෙන් වැඩිම හානියක් සිදුව ඇත්තේ චීනයටයි.

ජීවිත 10ක් අහිමිවී ඇති අතර පුද්ගලයින් 18 දෙනෙකු අතුරුදන් බවයි සහන කණ්ඩායම් පවසන්නේ.

මිලියන ගණනක පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා.

සුළි කුණාටුව හේතුවෙන් චීනයේ බීජිං අගනුවරින් වාර්තාගත වර්ෂාපතනයක් සටහන්ව තිබෙනවා.

වසර 140කට පමණ පසුව බීජිං නගරයට ලැබුණු වැඩිම වර්ෂාපතනය මෙය බවයි වාර්තා වන්නේ.

බීජිං හා හෙබෙයි ප්‍රාන්තයන්හි ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට සහන කණ්ඩායම් පියවර ගෙන තිබෙනවා.

අධික වර්ෂාපතනයත් සමඟ හටගත් ගංවතුර හේතුවෙන් පාලම් හා මහාමාර්ග රැසක් විනාශ වී ඇති බවයි චීන මාධ්‍ය සඳහන් කරන්නේ.

 

 

 

 

The post ඩොක්සුරි සුළි කුණාටුවෙන් නැගෙනහිර ආසියාවට දැඩි බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG