Aug
16
රුසියා මහ බැංකුව එරට පොලී අනුපාත සියයට 12 දක්වා ඉහළ දමා තිබෙනවා.
මාස 16ක කාලයකට පසු ඩොලරයට සාපේක්ෂව රූබල් මුදල් ඒකකය අවප්‍රමාණය වීම හේතුවෙනුයි මෙම පියවර ගෙන ඇත්තේ.
මේ වනවිට ඇමෙරිකා ඩොලරයේ වටිනාකම රූබල් සියය ඉක්මවා තිබෙනවා.
රුසියාවේ පොලී අනුපාත සියයට 8.5 පැවති අතර එය සියයට 12 දක්වා ඉහළ දමා ඇති අතර මෙම මාසයේ එරට උද්ධමනය සියයට 4.4ක් ලෙසයි සටහන් වන්නේ.
යුක්රේනයේ යුද මෙහෙයුම් හේතුවෙන් යුද වියදම් හා අපනයනවලට සාපේක්ෂව ආනයන ඉහළ යාමත් සමග රුසියා ආර්ථිකයට දැඩි පීඩනයක් එල්ල වෙමින් පවතින බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
The post රුසියා මහ බැංකුව පොලී අනුපාත ඉහළ දමයි appeared first on ITN News.
Post a Comment