Aug
27
වැග්නර් නායක යෙව්ගෙනි ප්‍රිගෝෂින් සත්‍ය ලෙසම මිය ගිය බවට තහවුරු වී තිබෙනවා.
ඔහුගේ සිරුරු කොටස් ජාන පරීක්ෂාවකට යොමු කිරීමටයි කටයුතු කර තිබුණේ. එහි ප්‍රතිඵල අනුව මේ බව තහවුරු වී තිබෙනවා. ශාන්ත පිටර්බර්ග් හා මොස්කව් නුවර අතර පසුගිය දා සිදු වු ගුවන් අනතුරෙන් ඔහු ඇතුලු දස දෙනෙක් මිය ගොස් තිබුණා. මිය යන විට ප්‍රිගෝෂින් 62 වියේහි පසුවුණා. රුසියානු පරීක්ෂණ කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශිකා ස්වෙට්ලානා පෙට්රෙන්කෝ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ මිය ගිය දස දෙනාගේම ජාන පරීක්ෂණවලින් ඔවුන් කවුරුන්ද යන්න තහවුරු කළ බවයි.
වසර 23ක රුසියා ජනපති පුටින්ගේ පාලන කාලය තුළ ඔහුට දැවැන්තම අභියෝගයක් එල්ල කළේ යෙව්ගිනි ප්‍රිගෝෂින් විසින්.
The post වැග්නර් නායකයා මියගිය බවට තහවුරු කෙරේ appeared first on ITN News.
Post a Comment