ෆිච් ණය ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඇමෙරිකාව ත්‍රිපල් ඒ සිට ඩබල් ඒ ප්ලස් දක්වා පහත දමා තිබෙනවා.
ඇමෙරිකාවේ මූල්‍ය තත්ත්වය හා එරට ණය ප්‍රමාණය අනුව ශ්‍රේණිගත කිරීම්වල මෙලෙස පහල වැටී ඇති බවයි ෆිච් ශ්‍රේණිගත කිරීම් ආයතනය පවසන්නේ.
ණය සුදුසුකම් තක්සේරු කරන ලොව ප්‍රධානතම ස්වාධීන ආයතන තුනෙන් එකක් ලෙස ෆිච් ආයතනය හැදින්වෙනවා.
පසුගිය වසර 20 ක කාලය තුළදී ඇමෙරිකාවේ පරිපාලනයේ පිරිහීමක් දක්නට ලැබෙන බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ. කෙසේ වුවද ඇමෙරිකා භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මෙය ෆිච් ආයතනයේ අත්තනෝමතික ක්‍රියාවක් ලෙස හදුන්වනවා.
2018 වසරේ සිට 2020 වසර දක්වා යල්පැන ගිය දත්ත මත පදනම්ව මෙම ශ්‍රේණිගත කිරීම් සිදු කර ඇති බවටයි ඇය චෝදනා කරන්නේ.
ණය ශ්‍රේණිගත කිරීම්වල පසුවන ස්ථානය අනුව ණය ලබාදීමේදී කෙතරම් අවධානමක් පවතින්නේද යන්න ආයෝජකයින්ට තක්සේරු කරගත හැකියි.
ඇමෙරිකා භාණ්ඩාගාරයේ මුදල් අවම වීමත් සමග පසුගිය ජුනි මාසයේදී එරට ණය සීමාව ඇමෙරිකා ඩොලර් ට්‍රිලියන 31.4 දක්වා ඉහළ දැමීමට ද පියවර ගැනුණා.
The post ෆිච් ණය ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඇමෙරිකාවේ මූල්‍ය තත්වය හා එරට ණය ප්‍රමාණය පහතට appeared first on ITN News.
Post a Comment