Aug
19
යුක්‍රේනයට එෆ් 16 ප්‍රහාරක යානා ලබාදීමට ඇමෙරිකාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
මේ අනුව ඩෙන්මාකයෙන් සහ නෙදර්ලන්තයෙන් ඇමෙරිකාවේ නිෂ්පාදිත එෆ් 16 ප්‍රහාරක යානා ලබාදෙනු ඇති.
එවැනි යානා 24ක් නෙදර්ලන්තය සතුවන අතර ඒවා සේවයෙන් ඉවත් කොට නවීන යානා සේවයට යෙදවීමටයි නෙදර්ලන්තය තීරණය කර තිබුණේ.
ඩෙන්මාකය සතුව ද එවැනි යානා 30ක් පමණ තිබෙන අතර රුසියාවට එරෙහි යුක්‍රේන මෙහෙයුම් සඳහා ඒවා භාවිත කරනු ඇති.
එම යානා හැසිරවීම පිළිබඳ පුහුණුවක් ද යුක්‍රේන ගුවන් නියමුවන්ට ලබාදී තිබෙනවා.
The post යුක්‍රේනයට F-16 ප්‍රහාරක යානා ලබාදීමට ඇමෙරිකාවේ අනුමැතිය appeared first on ITN News.
Post a Comment