චෙක් ජනරජයේ ප්රාග් අගනුවර විශ්වවිද්‍යාලයක් තුළ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වෙඩි තැබීමෙන් 25 දෙනෙකු තුවාල ලැබුවා.
වෙඩිතැබීම සිදුකර තිබෙන්නේ වයස අවුරුදු 24ක පුද්ගලයෙක්.
ඔහු ද එම අවස්ථාවේ පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක්ව තිබෙනවා.
එම විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ගොඩනැගිල්ලක් තුළ දී වෙඩිතැබීම සිදුවී ඇති අතර ඇතැම් පුද්ගලයන් වෙඩි වැදීමෙන් බේරීම සඳහා ගොඩනැගිල්ලෙන් පිටතට පනින අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
The post චෙක් ජනරජයේ විශ්වවිද්‍යාලයක් තුළ වෙඩිතැබීමක් – 14 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment