රුසියාව එල්ල කළ බෝම්බ ප්රහාරවලින් යුක්රේන වැසියන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
යුක්රේනය සදහන් කරන පරිදි දෙරට අතර ඇති වූ යුද්ධයේදී රුසියාව මෙතෙක් එල්ල කළ දරුණුතම මිසයිල ප්රහාර මෙයයි.
කියෙව් / ඔඩෙසා / නිප්රෝ හා කාර්කිව් ඇතුළු නගර රැසකට මෙම ප්රහාර එල්ල වුණා.
පුද්ගලයන් 160 කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.වැඩිහිටි නිවාස හා මාතෘ රෝහල්වලට ද රුසියාව ප්රහාර එල්ල කළ බවයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසන්නේ.
The post රුසියාව එල්ල කළ බෝම්බ ප්රහාරවලින් යුක්රේන වැසියන් 30 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment