අයහපත් කාලගුණයෙන් අමෙරිකාවේ ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
ඊසාන දිග අමෙරිකාවේ ලක්ෂ දෙකක පමණ පිරිසකට විදුලි බලය නොමැති බවයි වාර්තා වන්නේ.
අධික සුළං හා වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ද හටගෙන තිබෙනවා.
ගස් කඩා වැටීමත් සමග විදුලි බලය ඇණහිට ඇති අතර ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.
එමෙන්ම හිම පතනයෙන් ද මැසචුසෙට්ස් හා නිව් හැම්ෂයර් යන ප්‍රදේශයන්ට බලපෑම් එල්ල වී තිබෙනවා.
ප්‍රාන්ත 11කට පමණ සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව ද සඳහන්.
The post අමෙරිකාවේ ලක්ෂ දෙකක පමණ පිරිසකට විදුලි බලය ඇණහිටියි appeared first on ITN News.
Post a Comment