May
25
ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයේ රාජ්කෝට් නගරයේ විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක ගින්නක් හටගෙන තිබෙනවා.
එම ගින්නෙන් පුද්ගලයින් 20දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
එලෙස මියගිය පිරිස අතර ළමුන් 12 දෙනෙකු සිටිනවා.
සිදුවීම සැලවීමත් සමඟ සහන කණ්ඩායම් එම ස්ථානයට පැමිණ ගින්න නිවීමටත්, මුදාගැනීම් සිදුකිරීම ආරම්භ කළා.
මෙම ගින්න හේතුවෙන් සිදුවී ඇති මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.
The post ගුජරාට් ප්‍රාන්තයේ විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක ගින්නක් appeared first on ITN News.
Post a Comment