යාපනය මල්ලාකම් ප්රදේශයේ ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දොලොස් දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔවුන් ලබන මස 13 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මල්ලාකම් මහේස්ත්රාත් අධිකරණය අද (29) නියෝග කළා. යාපනය ඩෙලිප්පලෙයි ප්රදේශයේ පැවති විශේෂ දේව මෙහෙයක් අතරතුර ඊට සහභාගී වු දෙපිරිසක් අතර, ගැටුම හටගත්තේ පසුගිය 17 වනදා. එය සමථයකට පත්කිරිමට පොලිස් නිලධාරින් දෙදෙනෙකු උත්සාහ කළා. එහිදී එක් පුද්ගලයෙකු පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා. ගැටුම සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ සිදුකෙරෙන බවයි පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ.
Post a Comment