ඉන්දියාවේ නැගෙනහිර රංචි නගරයේ එකම පවුලේ 07 දෙනෙකු සිය දිවි හානි කරගෙන තිබෙනවා. මව පියා පුතුන් දෙදෙනා එක් පුතකුගේ බිරිද සහ දරුවන් සිය දිවි හානි කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔවුන්ගේ නිවසේ තිබී සිරුරු සොයාගෙන ඇති අතර කුඩා දරුවන් දෙදෙනකු ද ඒ අතර සිටින බව සදහන්. ඔවුන් මිය යාමට හේතුව මෙතෙක් හෙලි වී නැහැ. පසුගිය ජූනි මාසයේදී ද නව දිල්ලි නුවරදී සිය දිවි හානිකරගත් එකම පවුලේ සාමාජිකයින් 11 දෙනෙකු සිරුරු සොයාගැනුනා.
Post a Comment