ඉරාන ජනාධිපති හසන් රවුහානි හමුවිමට සූදානම් බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා. ඒ කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව. ඉරානයට අවශ්‍යතාවක් පවතිනම් සාකච්ඡා කිරිමට සූදානම් බවයි ඇමරිකාව සඳහන් කළේ. 2015දී ඇති කරගත් න්‍යෂ්ටික අත්හදා බැලීම සම්බන්ධ ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් වුණා.
බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශය, රුසියාව සහ ජර්මනිය ඇතුළු රටවල විරෝධතාවද එම තීරණයට එල්ලවී තිබෙනවා. කෙසේ වෙතත් ඉරානයට එරෙහිව සම්බාධක පැනවීමටයි ඇමරිකාව සැලසුම් කර තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් කරුණු ගණනාවක් සාකච්ඡා කර තිබෙනවා. යෝජනාව ක‍්‍රියාත්මක වුවහොත් 1979න් පසු ඇමරිකා ජනාධිපතිවරයෙකු ඉරාන නායකයකු හමුවන පළමු අවස්ථාව මෙය බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.
Post a Comment