එන්ජින් ධාරිතාව දහසට අඩු වාහන සදහා වන නිෂ්පාදන බදු සංශෝධනය කර තිබෙනවා. එම බදු සංශෝධන අද සිට ක්‍රියාත්මක බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කරන්නේ. ඒ අනුව එන්ජින් ධාරිතාව දහසට අඩු සාමාන්‍ය මෝටර් රථ අංක එක කාණ්ඩය සදහා ඒකක බද්ද රුපියල් ලක්ෂ පහළවක් ලෙස නියම කර තිබෙනවා.
එන්ජින් ධාරිතාව දහසට අඩු විදුලි බලයෙන් ක්‍රියාත්මක කළ හැකි දෙමුහුණු වාහන සදහා ඒකක බද්ද රුපියල් දොළොස් ලක්ෂ පනස් දහසක් ලෙස සංශෝධනය කර ඇති බව මුදල් අමාත්‍යාංශය සදහන් කරනවා. අද දිනට පෙර ණයවර ලිපි විවෘත කළ මෙන්ම ලබන වසරේ ජනවාරි 31 දිනට පෙර නිෂ්කාශනය කරන වාහන සදහා නව බදු අදාළ නොවන බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ. එම කාලසීමාව තුළ ආනයනය කරනු ලබන වාහන පෙර පැවති නිෂ්පාදන බද්දට යටත්ව සිදුකරනු ලබනවා.
Post a Comment