ඇමෙරිකාව චීනයෙන් ගෙන්වන ඇමෙරිකා ඩොලර් බිලියන 200 ක වටිනාකමකින් යුත්භාණ්ඩ සදහා සියයට 25 ක තීරු බද්දක් පනවන බවට ඇමෙරිකා වාර්තා සදහන් කරනවා. එය මීට පෙර ප්‍රකාශකළ ප්‍රතිශතයට වඩා සියයට දහයක වැඩිවීමක්. මෙම තීරුබදු පැනවුවහොත් දෙරට අතර මේ වනවිටත් පවතින වෙළෙඳ යුද්ධය වර්ධනය විය හැකි බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.
ඇමෙරිකා ඩොලර් බිලියන 200 ක වටිනාකමකින් යුත් අතිරේක භාණ්ඩ කිහිපයක් සදහා පසුගිය ජුලි මාසයේ සිට බදු පනවනු ලැබුවා. ආහාර නිෂ්පාදන, අත්බෑග්, ඛණිජ ද්‍රව්‍ය ඇතුළු පාරිභෝගික භාණ්ඩ රැසකටයි මෙලෙස බදු පැනවුණේ.
Post a Comment