ෆේස්බුක් ගිණුම් සහ ෆේස්බුක් පිටු 32 ක් ඉවත් කිරීමට ෆේස්බුක් සමාගම තීරණයකර තිබෙනවා. ෆේස්බුක් සමාගම පවසන්නේ පසුගිය නොවැම්බර් මාසයේ පැවති ඇමෙරිකා මැතිවරණවලට බලපෑම් එල්ල කිරීමේ චෝදනා හේතුවෙන් මෙම පියවර ගත් බවයි. මෙලෙස ඉවත් කිරීමට තීරණය කර ඇති ෆේස්බුක් ගිණුම් පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මැයි මාසය දක්වා නිර්මාණය කළ ගිණුම් වනවා.
මැතිවරණ ප්රතිඵල වෙනස් කිරීමට හෝ මකා දැමීමට මෙම ෆේස්බුක් ගිණුම් උත්සාහ කළ බවට තොරතුරු තහවුරු වුණා. මෙම ගිණුම් සහ ෆේස්බුක් පිටු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළද ඊට සම්බන්ධ පාර්ශ්ව පළිබද තොරතුරු හෙළිවී නැහැ.
Post a Comment