හැටන් කොළඹ මාර්ගයේ ගිනිගත්හේන නගරය ආසන්නයේ රථවාහන ධාවනය එක් මංතීරුවකට පමණක් සීමා කර තිබෙනවා. ගිනිගත්හේන නගරයට ආසන්න මාර්ග කොටසක සිදුව ඇති ගිලාබැසීම පිළිසකර නොකිරීම ඊට හේතුවයි. මීට මාස කිහිපයකට පෙර මෙම ස්ථානයේ මාර්ග කොටස ගිලා බැසීමට ලක්වුණා.
එය පිළිසකර නොකිරීමත් සමග වැසි පවතින විටදී එම ගිලාබැසීම තවදුරටත් යාපනය දක්වා ව්‍යාප්ත වීම සිදුව තිබෙනවා. මෙය කඩිනමින් පිළිසකර නොකළහොත් දැඩි අවදානමක් පවතින බවයි ජනතාව පෙන්වා දෙන්නේ.
Post a Comment