ඉතාලියට බලපෑ සුළි කුණාටුවක් හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දින තුනක කාලයක් බලපෑ මෙම සුළි කුණාටුව හේතුවෙන් ඉතාලියේ, වැනීසියට මෙන්ම තවත් නගර කිහිපයකට ජල ගැලීම් ඇතිවුණා. එම නගරවල සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. පාසල් සහ සංචාරක මධ්‍යස්ථාන වසා දැමීමටයි බලධාරීන් පියවර ගත්තේ. පැයට කිලෝමීටර් 150 ක වේගයෙන් මෙම සුළි කුණාටුව හමා ගිය බව සඳහන්. නිවාස ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවකට විදුලිය ද නොමැති බවයි වාර්තා වන්නේ.
Post a Comment