Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඔඩිෂා ප්‍රාන්තයේ වෙරළබඩ තීරයට ටිට්ලි සුළි කුණාටුවෙන් බලපෑම්  

Add comments

ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ වෙරළබඩ තීරයට ටිට්ලි සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. එම ප්‍රාන්තයේ වෙරළබඩ ප්‍රදේශවලට අධික සුළං සහිත වැසි තත්වයක් බලපා ඇති බවයි කාළගුණ විද්‍යා අංශ සහන් කරන්නේ. ගෝලාපූර් නගරයෙන් ඉන්දියාවට ඇතුළු වූ ටිට්ලි සුළි කුණාටුව පැයට කිලෝමීටර 126ක වේගයෙන් හමා යමින් පවතිනවා.

ඔඩිෂා ප්‍රාන්තයේ වෙරළබඩ නගර 5ක ලක්ෂ තුනකට අධික ජනතාවක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරිමට බලධාරීන් පියවර ගත්තා. ගස් කඩා වැටීම් හේතුවෙන් එම ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක විදුලිය සහ සන්නිවේදන සබදතා ඇනහිට තිබෙනවා. දුම්රිය සහ ගුවන්ගමන් ද අවලංගු කර තිබෙනවා. සුළි කුණාටුව මේ වන විට බටහිර බෙංගාලය දෙසට ගමන් කරමින් ඇති අතර සුළගේ වේගය ද ක්‍රමයෙන් අඩුවන බව කාළගුණ අංශ සදහන් කරනවා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG