ඉන්දුනීසියාවට තවත් භූකම්පනයක් සිදුව තිබෙනවා. ඉන්දුනීසියාවේ දකුණු දිග ප්‍රදේශයේ පිහිටි ෆ්ලෝස් දූපතේ රිච්ටර් පරිමාන ඒකක 6.2ක භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ෆ්ලෝස් දූපතේ සිට කිලෝමීටර් 250 ක දුරින් මෙම භූකම්පනය සිදුව ඇති බවයි වාර්තා වන්නේ. සුනාමි අනතුරු ඇගවීම් හෝ කිසිදු හානියක් මෙතෙක් වාර්තා වී නැහැ. රිච්ටර් පරිමාන ඒකක 7.5ක භූ කම්පනය සිදු වී දින 04 ක් මේ වන විට ගතවී තිබෙනවා. එම ප්‍රභල භූ කම්පනයෙන් පසුව ඇති වූ සුනාමි රළ පහර හේතුවෙන් සුලවසි දිවයිනේ පුද්ගලයින් 844 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවමත් අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් සිදු කෙරෙනවා.
Post a Comment