නාය යාමෙන් ගමනාගමන කටයුතු ඇණහිට තිබූ හැටන් – බගවන්තලාව ප‍්‍රධාන මාර්ගය යළි විවෘත කළා. එහෙත් බර වාහන ධාවනය සම්බන්ධයෙන් කොන්දේසි පනවා තිබෙනවා. නාය ගිය ස්ථානයෙන් ඉදිකර ඇති නව මාර්ගයේ ගමන් ගන්නා බස් රථ එම ස්ථානය පසුකරයාමේදී මඟීන් නාය ගිය ස්ථානයෙන් බස්සවා බස් රථය ධාවනය කරන ලෙසයි උපදෙස් ලබාදී ඇත්තේ. ටොන් අටට වැඩි බර වාහන ධාවනය තහනම් කර ඇති බවත් අප වාර්තාකරු සඳහන් කළා.
Post a Comment