මිනිසුන්ගේ නැතිබැරිකම් උලුප්පා මාධ්‍ය සංදර්ශන පමණක් පැවැත්වීම නතර කර අසරණ ජනතාවට නිවාස ඉදිකරදීමට සහන ලබා දෙන ලෙස තමන් ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලා සිටින බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අදට යෙදී ඇති ලෝක ජනාවාස දිනය වෙනුවෙන් ප්‍රධාන සැමරුම් උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
ලෝක ජනාවාස දිනය මෙවර පැවැත්වුණේ නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය යන තේමාව යටතේයි. කුරුණෑගල කොටවෙහෙර ප්‍රදේශයේ ඉදිකළ ජගත් නිවහන්ගම උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. නිවාස 27 කින් එය සමන්විතයි. වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 330 ක්. අඩු ආදායම් ලාභී පවුල්වලට විසිරි නිවාස ණය , ග්‍රාම ශක්ති නිවාස ආධාර ප්රදානය මෙන්ම විරුසුමිතුරු නිවාස වැඩසටහන යටතේ ආධාර ලබා දීම ද මෙහිදී සිදුකෙරුණා.
මේ අතර ලෝක ජනාවාස දිනයට සමගාමීව පැවැත්වුණු චිත්‍ර හා රචනා තරගාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතික ප්රදානය ද අමාත්‍යවරයා අතින් සිදුකෙරුණා.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස,
Post a Comment