කාන්තා හිංසනයට එරෙහිව ලොව පුරා ගූගල් කාර්යාලවල සේවකයින් සිය කාර්යාලවලින් පිටතට පැමිණ විරෝධතාවක් දක්වා තිබෙනවා.
ගූගල් කාර්යාල තුළ සිදුව ඇතැයි කියන ලිංගික අඩන්තේට්ටම් සහ හිංසනයට විරෝධය දක්වමින් මෙලෙස ගූගල් සේවකයින් විරෝධතාව ආරම්භ කළා. ගූගල් ප්රධාන විධායක නිලධාරීන් ද තම සේවකයින්ගේ ඉල්ලීම්වලට සහාය දක්වන බවයි පවසන්නේ. මෙවැනි සිද්ධි සමථයකට පත් කිරීම සදහා එවැනි ක්රියා නැවැත්විය යුතු බවත් සේවකයින් සදහන් කරනවා.
Post a Comment