සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝජි භයානක පුද්ගලයෙකු බව සෞදි රජු වන සල්මාන් කුමරු පවසා තිබෙනවා. ධවල මන්දිරයට දුරකතන ඇමතුමක් ලබා දෙමින් සෞදි රජු මේ බව පවසා ඇති බව වාර්තා වනවා. කෂෝජි අන්තවාදී මුස්ලිම් සහෝදරත්ව සංවිධානයට කටයුතු කළ අයෙකු බවටයි සෞදි රජු චෝදනා කරන්නේ. පසුගිය ඔක්තෝම්බර් දෙවන දා ඝාතනයට ලක්වූ බවට සැක කෙරෙන මාධ්‍යවේදී ජමාල් කෂෝජි ගේ සිරුර මේ වන තෙක් සොයාගෙන නැහැ. ඝාතනයට සැකපිට සෞදි ජාතිකයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒම සැකකරුවන් සෞදි රජ පවුල සමග සබදතාවක් ඇත් ද යන්න තවමත් හෙළිව නැහැ.
Post a Comment