පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ කැදවූ ශ්‍රී ලංකා මහා සභාවේ පළමු සමුළුව අද පැවැත්වුණා. ඒ රාජගිරිය සදහම් සෙවණ ධර්මායතනයේදී.
රට ගොඩනගන ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ අරමුණිනුයි සමුළුව කැඳවා තිබුණේ. ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ද සමුළුවට සහභාගි වුණා. එහිදී ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ තිරසර ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශය අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්වුණා. සමුළුවට සහභාගි වූ අග්‍රාමාත්‍යවරයාට මෛත්‍රී බෝධිසත්ව පිළිමයක් පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ පිරිනැමුවා. දිනේෂ් ගුණවර්ධන , උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ද සමුළුවට සහභාගි වුණා. පසුගියදා කතාබහට ලක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා ද සමුළුවට එක්ව සිටියා. සමුළුව ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ පැවති එක්සත් ජාතික පක්‍ෂ රජයට විරුද්ධ වීමට හේතු මෙහිදී හෙළි කළා.
පා.ම. පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ,
මේ අතර පූජ්‍ය රත්මලාන ශ්‍රී ධර්මාරාම නායක ස්වාමීන්වහන්සේගේ 60 වන සංවත්සර ප්‍රභාෂණ මහෝත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේදීයි. පූජ්‍ය රත්මලාන ශ්‍රී ධර්මාරාම නායක ස්වාමීන්වහන්සේගේ 60 වන සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් ද නිකුත් කෙරුණා. කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම ස්වාමීන්වහන්සේ අග්‍රාමාත්‍යවරයාට සමරු තිළිණයක් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුකෙරුණා.
Post a Comment