ඊටිඅයි තැන්පත්කරුවන්ගේ මුදල් ලබා ගැනිමට ජනාධිපතිතුමාට මැදිහත්වන ලෙස ඉල්ලා ඊටිඅයි තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානයේ පිරිසක් උද්ඝෝෂණයක නිරත වුනා.
මරදාන ටෙක්නිකල් හන්දියේ සිට කොටුව දුම්රියපොල දක්වා පාගමනක්ද පැවැත්වුණා. අනතුරුව කොටුව දුම්රියපල ඉදිරියට පැමිණි පිරිස උද්ඝෝෂණයේ නිරත වුනා. පසුගිය රජය කාලයේදී ජනාධිපතිතුමාට ඔවුන් වෙනුවෙන් පෙනි සිටිමට බාධා තිබු බවත් ද ඔවුන් ප්රකාශ කරනවා. තමන්ට අත්වූ ඉරණම පිළිබද පසුගිය රජයට කොතෙක් සිහිපත් කළද ඵලක් වූයේ නැති බව උද්ඝෝෂණයේ නිරතවූ පිරිස ප්රකාශ කළා.
Post a Comment