Dec
01
මේ රටේ සෑම තීන්දුවක්ම, සෑම තීරණයක්ම ක්‍රියාත්මක කළ යුත්තේ මහජනතාවගේ පරමාධිපත්‍යයට යටත්ව බව මහා සංඝරත්නය අවධාරණය කරනවා. වහා මහ මැතිවරණයක් පවත්වා සියලු පාලකයන් ජනතාවගේ පරමාධිපත්‍ය බලය තහවුරු කිරීමට පියවර ගත යුතු බවයි මහා සංඝරත්නය පෙන්වා දෙන්නේ.
ජනතා පරමාධිපත්‍ය සුරැකීම සදහා වන සංඝානුශාසනාව යන තේමාව යටතේ ජාතික මහා සඟ සමුළුව ඊයේ (30) පැවැත්වුණා. මහවැලි කේන්ද්‍රය අසළ සිට දහස් ගණන් මහා සංඝරත්නය වැඩම කිරීමෙන් අනතුරුව නෙළුම් පොකුණ රගහලේදී මහා සඟ සමුළුව ආරම්භ කෙරුණා.
Post a Comment