ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟ සැකකරුවෙකු ත්‍රිකුණාමල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොරවැව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් කළ වැටලීමකදී ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරු අත්අඩංගුවට ගැනුණා.
එහිදී රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු 95 ක් සහ රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු 16 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළා.
සැකකරු පනස් දෙහැවිරිදි වියේ පසුවන ත්‍රිකුණාමලය රොටවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Post a Comment