නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කල්පිටිය සින්නපාඩු මුහුදු ප‍්‍රදේශයේදී. වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් වැටලීම සිදුකළ බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ. තහනම් දැල් දෙකක්, ඩිංගි යාත‍්‍රා හතරක් සහ මසුන් කිලෝ ග‍්‍රෑම් 2487ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. අත්ඩංගුවට ගත් නාවිකයන් සහ භාණ්ඩ පුත්තලම ධිවර පරික්ෂක කාර්යාලයට භාරදුන් බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය ප‍්‍රකාශ කළේ. මෙවැනි නීතිවිරෝධි ක‍්‍රියාකාරකම් මර්දනය සඳහා අඛණ්ඩව කටයුතු කරන බවද නාවික හමුදාව ප‍්‍රකාශ කළා.
Post a Comment