Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහ කන්නයේ වී මිළදී ගැනීමට රුපියල් මිලියන පන්දහසක්  

Add comments

මහ කන්නයේ වී මිළදී ගැනීමට රුපියල් මිලියන පන්දහසක මුදලක් වෙන්කර තිබෙනවා.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා ඒ සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුණා. වී සඳහා ස්ථාවර මිළක් පවත්වාගෙන යාමට සහ සාධාරණ මිළක් ලබාදීම සඳහා වී මිළදී ගැනිමේ වැඩසටහන දිස්ත‍්‍රික් ලේකම්වරුන්ගේ මෙභෙයවීම යටතේ ක‍්‍රියාත්මක කිරීමයි සැලසුම. වී අළෙවි මණ්ඩලය සහ දිස්ත‍්‍රික් සමුපකාර සමිති මඟින් සම්බා වර්ගවල වී සඳහා කිලෝ ග‍්‍රෑමයට රුපියල් 41ක මිළක් නියම කර තිබෙනවා. නාඩු සහ අනෙකුත් වර්ගවල වී සඳහා නියම කර ඇති සහතික මිළ රුපියල් 38ක්.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG