Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ ජාතික අධිකාරියක්  

Add comments

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ ජාතික අධිකාරියක් පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා.

විෂ මත්ද්‍රව්‍ය හඳුනාගැනීමේ නව තාක්ෂණික උපකරණ ආනයනය කර භාවිතයට ගැනීම ද තවත් සැලසුමක්. ඒ වෙනුවෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වුණා. මත්ද්‍රව්‍ය උවදුරට ස්ථිර විසඳුමක් ලබාදීමේ අරමුණින් ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ප‍්‍රතිපත්තියක් හඳුන්වා දුන් අතර, ක‍්‍රියාකාරි සැලැස්මක් ද ක‍්‍රියාත්මක කෙරෙනවා. මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායේ සම්බන්ධීකරණයෙන් පොලීසිය, අන්තරයාකර ඖෂධ පාලක මණ්ඩලය සහ සෙසු ආයතනවල දායකත්වයෙන් වැඩසටහන ක‍්‍රියාත්මක බවයි රජය ප‍්‍රකාශ කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG