මැණික් කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් රජය වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට තීරණය කර තිබෙනවා. එම කර්මාන්තය සදහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ කටයුත්ත ආරම්භ කර ඇති බවයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසන්නේ.
හොරණ ප්‍රදේශයේදී මැණික් ව්‍යාපාරිකයින් ඇගයීමේ උත්සවයට එක්වෙමින් රෙජිනෝල්ඩ් කුරේ මහතා මෙම අදහස් පළකළා. හොරණ නගරයේ පැවති එම උත්සවයේදී මැණික් කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් කටයුතු කළ කිහිප දෙනෙකු සම්මානයට පාත්‍ර වුණා. හොරණ මැණික් ව්‍යාපාරිකයින්ගේ සංගමයයි උත්සවය සංවිධානකර තිබුණේ.
Post a Comment