වන අලි සංරක්ෂණය කිරීමේ වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.
විවිධ අනතුරු හේතුවෙන් පසුගිය වසරේදී පමණක් වන අලි 311 දෙනෙකු මියගොස් තිබෙනවා. හක්ක පටස් භාවිතය, වෙඩි වැදීම, විදුලි සැර වැදීම සහ දුම්රියේ ගැටීම වැනි අනතුරු හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවයි වනජීවි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ස්වාභාවික හේතුන් මත මිය ගිය වන අලි ගණන 31ක්. 2011 වසරේදී රටතුළ සිදුකළ සංගණනයේදී වන අලි 5878ක් වාර්තා වූ බවද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.
Post a Comment