නවසීලන්තයේ දකුණු දූපත්වල හෙක්ටාර 1870 ක් පුරා ලැව්ගිනි පැතිරී තිබෙනවා.
ලැව්ගිනි හේතුවෙන් එම ප්‍රදේශයේ දේපල රැසක් විනාශවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. නිවාස සියයක පමණ ජනතාව ඉන් ඉවත් කිරීමට ද බලධාරීන් පියවර ගත්තා. ඊයේ (05) රාත්‍රියේ සිටයි මෙම ලැව්ගිනි ව්‍යාප්තවීම ආරම්භ වුණේ. ලැව්ගිනි ව්‍යාප්තවීම වැළැක්වීම සදහා ගිනි නිවන භටයින් රැසක් කටයුතු කරමින් සිටිනවා. ඊට සහාය වෙමින් හෙලිකොප්ටර් සහ ගුවන් යානා මගින් ජලය ඉසීම ද සිදුකෙරෙනවා. ලැව්ගිනි සම්පූර්ණයෙන් පාලනය කිරීමට දින 4 ක් පමණ ගතවනු ඇති බවයි ගිනි නිවන අංශ පවසන්නේ.
Post a Comment