රටේ විවිධ ප‍්‍රදේශවල සිදු කරන මත්ද්‍රව්‍ය වැටලීම් වලට සමගාමිව කොළඹ වරාය සහ අවට ප‍්‍රදේශයේ ආරක්ෂාව තර කිරිමට තීරණය කර තිබෙනවා.
ඒ සඳහා අවශ්‍ය උපදෙස් අමාත්‍ය සාගල රත්නායක මහතා ශ්‍රී‍්‍ර ලංකා වරාය අධිකාරියට ලබාදී ඇති බවයි වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේ. රේගුව , පොලීසිය සහ අදාල සියලු ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා දැනුම් දි තිබෙනවා. රටේ වත්මන් තත්ත්වයට ගැලපෙන පරිදි වරාය ආශි‍්‍රතව නව ආරක්ෂක සැලසුමක් සකස් කරන ලෙසයි සාගල රත්නායක මහතා නිලධාරින්ට දැනුම් දුන්නෙ.
Post a Comment