ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනාධිපති හමිඩ් කර්සායි ඇතුළු විපක්ෂයේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයින් කිහිප දෙනෙකු තලේබාන් සංවිධානයේ නියෝජිතයින් පිරිසක් හමුවී තිබෙනවා.
රුසියාවේ මොස්කව් නුවර මෙම සාකච්ඡා පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එම පිරිස එහිදී ඇෆ්ගනිස්ථානයේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඵලදායී සාකච්ඡාවක් පවත්වා ඇති බව සදහන්. සාකච්ඡා දින දෙකක් පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඇෆ්ගනිස්ථානයේ විපක්ෂ නායකයින් තලේබාන් සංවිධානයේ සාමාජිකයින් හමුවූ ප්‍රථම අවස්ථාව මෙයයි.
Post a Comment