ජාතික පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ දී සිදුවූ බව පැවසෙන අසාධාරණයන් පිළිබද සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතාගේ සභාපතිත්වයෙන් යුතුවයි මෙම කමිටුව පත්කර තිබෙන්නේ. පාසල් කටයුතු අධ්‍යක්ෂ කමනී පෙරේරා මහත්මිය හා අධ්‍යාපන අමාත්‍යාංශයේ විනය විමර්ශන ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චමනී වික්‍රමතිලක මහත්මිය එහි සෙසු සාමාජිකයින් වනවා.
මෙම වසරේ ජාතික පාසල් සදහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී අසාධාරණයන් සිදුව ඇති බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් මෙහිදී කරුණු සොයා බැලීමට නියමිතයි.
Post a Comment