කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලංකාවට එල්ලවිය හැකි අභියෝග කළමනාකරණයෙහිලා ගෙන ඇති පූර්ව ක්‍රියාමාර්ග හා ඒ සම්බන්ධයෙන් වූ පෙර සූදානම පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසාදය පළකළා. ප්‍රවණතා වාර්තාකරණයේදී වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා සමාජ මාධ්‍ය ජාලවලින් ඉල්ලා සිටින්නේ.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය මගින් වර්තමාන තත්ත්වය කළමනාකරණය පිළිබඳ සියලු පැතිකඩ සම්බන්ධයෙන් පැහැදිලි මාර්ගෝපදේශ සියලු සෞඛ්‍ය නිලධාරීන් වෙත නිකුත්කර තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය , අග්‍රාමාත්‍ය කාර්යාලය , සෞඛ්‍ය , අධ්‍යාපන , සංචාරක , විදේශකටයුතු , ආගමන හා විගමන , තැපැල් සේවා , ධීවර මෙන්ම ආපදා කළමනාකරන ක්ෂේත්‍රවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා අග්‍රාමාත්‍යවරයා අතර හමුවක් පැවැත්වුණා. එහිදී මෙම පූර්ව ක්‍රියාමාර්ග හා පෙර සූදානම අග්‍රාමාත්‍යවරයාගේ ඇගයීමට ලක්වුණා. කොරෝනා වෛරසය ආසාදනයට නිරාවරණය වී මගීන් හඳුනාගැනීම සඳහා අනුගමනය කරමින් ඇති පියවර පිළිබඳ හා සැකසහිත අවස්ථාවකදී කටයුතු කිරීමට කොළඹ හා පිට පළාත්වලදී සෞඛ්‍ය සේවාවල පවතින සූදානම ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදී පැහැදිලි කළා. දැනට වසාදමා ඇති චීනයේ වුහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සුබසාදනය සඳහා පහසුකම් සැලසීම පිළිබඳ විදේශ සබඳතා අමාත්‍යාංශයේ උපදෙස් මත බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ෂැන්හයි හා ගුවැන්ෂු කොන්සල් ජෙනරල් කාර්යාල මඟින් ගනු ලබන පියවර ද මෙහිදී පැහැදිලි කෙරුණා. ජනාධිපතිතුමාගේ උපදෙස් මත ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පවුල් 33 ක් වුහාන් නගරයේ සිට මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට චීනයේ අනුමැතිය ලැබෙනු ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් ගුවන් සමාගම චීනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට මෙරටට පැමිණීමට ගුවන් ගමන් ගාස්තුවෙන් සියයට 50%ක වට්ටමක් ලබාදීමට කටයුතුකර තිබෙනවා. චයිනා ඊස්ටන් හා එයාර් ලයින්ස් මඟින් ද 45 %ක හා 50% ක එවැනි වට්ටමක් ලබාදීමටයි තීරණයකර ඇත්තේ.
The post වාර්තාකරණයේදී වගකීමෙන් යුතුව කටයුතු කරන්න – අගමැති සමාජ මාධ්‍යවලින් ඉල්ලයි appeared first on ITN News.
Post a Comment