ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැදපෙරදිග සාම සැළසුම් ඉදිරිපත්කර තිබෙනවා.
ජෙරුසෙලම ඊශ්‍රායලයේ නොබිදුණු අගනගරය ලෙස නම් කිරීමට එහිදී ප්‍රතිඥා ලබාදී තිබෙනවා. ට්‍රම්ප්ගේ මැදපෙරදිග සඳහා වන සාමගිවිසුම ඉතා දීර්ඝකාලයක් තිස්සේ එළිදැක්වීමට නියමිතයි. බටහිර ඉවුරේ ජනාවාස ඊශ්‍රායලයේ ස්වාධිපත්‍යයට යටත් බව ඇමෙරිකාව පිළිගන්නා බවයි එම සැලසුමෙහි දැක්වෙන්නේ. පලස්තීනය ස්වාධීන ප්‍රාන්තයක් බවට පත්කිරීමට ද සැලසුමෙන් යෝජනාකර තිබෙනවා. සාමය සඳහා ඊශ්‍රායලය තැබූ දැවැන්ත පියවරක් ලෙස මෙය දකින බවත් පලස්තීන වැසියන්ට ලැබෙන අවසන් අවස්ථාව මෙය බවත් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන්කර තිබෙනවා. මෙම සාම සැලසුම තුළින් සිය අයිතීන් විකිණීමට හෝ කේවල්කිරීමට කිසිවෙකුටත් ඉඩ ලබා නොදෙන බව පලස්තීන ජනාධිපති මහ්මුද් අබ්බාස් පවසනවා. එම සැලසුමට විරෝධය පළකරමින් පලස්තීන වැසියන් ගාසා තීරයේ විරෝධතාවල ද නිරතවුණා.
The post ට්‍රම්ප්ගේ මැද පෙරදිග සාම සැලසුම් එළිදැක්වේ appeared first on ITN News.
Post a Comment