Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කජු වගාකරුවන්ට සහන රැසක්  

Add comments

කජු වගාකරුවන්ට සහන ලබාදෙමින් කජු වගාව ව්‍යාප්ත කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

කජු කර්මාන්තයේ නිරත වූවන් හමු වූ අවස්ථාවේයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ගම්පහ මාකේවිට නැදගමුව කළුවැල්ගොඩ ආදී ප්‍රදේශවල විශාල පිරිසක් පාරම්පරිකව කජු කර්මාන්තය ජීවනෝපාය කරගෙන සිටිනවා. කජු සංස්ථාව මගින් මෙම ප්‍රදේශයේ කජු පිරිසැකසුම් මධ්‍යස්ථානයක්ද ආරම්භ කර ඇති අතර ඊට අක්කර දෙකක වගා භූමියක්ද ඇතුළත්. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මිලදී ගන්නා ලෙලි සහිත කජු මෙහිදී ඇසුරුම් කොට දේශීය වෙළඳපොළට නිකුත් කිරීම සිදුවනවා. එම මධ්‍යස්ථානය නිරීක්ෂණයට එක් වූ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ මෙම ප්‍රදේශයේ කජු කර්මානතය ආශ්‍රිතව රැකියා අවස්ථා හාරදහසක් පමණ ඇති බව සිදු කළ සමීක්ෂණවලදී හෙළි වූ බවයි. දේශීය කජු වගාකරුවා ආරක්ෂා කිරීම වෙනුවෙන් කජු ආනයනයද සීමා කිරීමට රජය පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා. කජු සංස්ථාවේ සභාපතිනි සාරංගි රත්නායක මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

The post කජු වගාකරුවන්ට සහන රැසක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG