Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ධාවනය වෙමින් තිබු බස් රථයකට වැටුනු දුරකථන කණුව  

Add comments

නොර්වුඩ් පොලිස් වසමට අයත් නොර්වුඩ් දියසිරිගම ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයත් මතට ප්‍රධාන මාර්ගයේ අභියස තිබු දුරකථන රැහන්  සහිත කණුවක් කඩා වැටිමෙන් මාර්ගයේ රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට සිමා කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

අද උදැසන 6.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් දියසිරිගම ප්‍රදේශයේදීය.

හැටන් සිට නොර්වුඩ් දක්වා හැටන් ටෙලිකොම් කාර්යයාලය මගින් ඇද තිබෙන දුරකථන රැහන්  කිහිපයක් දින කිහිපයක් තිස්සේ ප්‍රධාන මාර්ගයට පහත් වි තිබිම නිසා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයේ එම රැහන් පද්ධතිය පැටලි දුරකථන රැහන් කණුව බස් රථය මතට වැටි මෙම අනතුර සිදු වි ඇත.

අනතුරෙන් බස් රථයේ ගමන් ගත්කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති අතර බස් රථයට සුළු අලාභ හානි සිදු වි තිබේ.

කඩා වැටුණු දුරකථන රැහන් පද්ධතිය මාර්ගයෙන් ඉන්  ඉවත් කරන ලෙසට ටෙලිකොම් කාර්යයලය වෙත දැනුම් දි ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG